හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද(28) පැය 3ක ප්‍රකාශයක් ලබා දී තිබේ.
චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ස්ථාවර තැන්පතු ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා දී තිබේ.
අද උදෑසන 09.15ට පමණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මධ්‍යාන 12.25ට පමණ ඉන් පිටව ගියේය.