තවත්
    මුල් පිටුවදේශීය පුවත්ගාලු කොටුවෙන් මුහුදුට වැටුණු සරසවි සිසුව ා මිය යයි

    ගාලු කොටුවෙන් මුහුදුට වැටුණු සරසවි සිසුව ා මිය යයි

    සිය මිතුරන් පිරිසක් සමඟ ගාල්ලේ සංචාරයක් සඳහා පැමිණි කොතලාවල සරසවියේ අධ්‍යාපනය ලබන සිසුවෙක් ගාලු කොටුවෙන් මහ මුහුදට වැටී ඊයේ (26) මියගොස් ඇත.

    ගාලු කොටුවේ සිට මුහුදට පනිමින් ත්‍රාස ජනක ක්‍රීඩාවේ යෙදන ස්ථානයේදී මෙම සිසුවා මුහුදට වැටී ඇතැයි ගාල්ල පොලිසිය සඳහන් කරයි.

    මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ අවුරුදු 21ක් වයසැති ජනිත් චන්දුල ගමගේ සිසුවාය. ඔහු හපුගල කුරුඳුවත්තේ පදිංචිකරුවෙකි.

    මුහුදට වැටුණු මෙම සිසුවා වහාම ගොඩ ගෙන කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති බවත් සිසුවා මියගොස් ඇත්තේ ප්‍රතිකාර ලබමින් සිටියදී බවත් පොලිසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img