පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මහ මුහුදේ කළ වැටලීම් දෙකකදී අත්අඩංගුවට ගෙන නඩු කටයුතු අවසන් වී ඇති බිලියන 10ක් පමණ වටිනාකමක් ඇති හෙරොයින් ටොන් භාගයකට ආසන්න ප්‍රමාණයක් හෙට (28) විනාශ කිරීමට නියමිතය.
පුත්තලම පාලවියේ පිහිටි INSEE සිමෙන්ති සමාගමට අයත් අධි පීඩන උඳුනට දමා මෙම මත්කුඩු තොගය විනාශ කිරීමට නියමිතව තිබේ.
මෙසේ විනාශ කරනු ලබන්නේ 2021 වසරේ දෙසැම්බර් 15 වෙනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව කළ වැටලීමකදී මහ මුහුදේදී විදේශීය ජාතිකයන් 06 දෙනෙන් සමඟ අත්අඩංගුවටගත් හෙරොයින් කිලෝ 250යි ග්‍රෑම් 996ක්, 2022 වසරේ අප්‍රේල් 19 වෙනිදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය එක්ව මහා මුහුදේදී කළ වැටලීමකදී විදේශිකයන් 07 දෙනෙක් සමඟ අත්අඩංගුවටගත් හෙරොයින් කිලෝ 243යි ග්‍රෑම් 052 ප්‍රමාණය බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේය.
නඩු කටයුතු අවසන්ව ඇති එම මත්කුඩු තොගය හෙට උදෑසන7.00ට පමණ කොළඹ මහාධිකරණයෙන් භාරගෙන විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ දහන උදුන වෙත රැගෙන යාමට නියමිතය.