යතුරුපැදියක ගමන් කිරීමකින් තොරව ආරක්ෂිත හිස්වැසුම් පැළද සැරිසරණ සැකසහිත පුද්ගලයින් පරීක්ෂා කරන ලෙස පොලිස් මූලස්ථානය දිවයිනේ සියළුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී තිබේ.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය කාලය තුළ සිදුවූ වෙඩි තැබීම් සහ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ සඳහා සම්බන්ධවූ සැකකරුවන් හිස සහ මුහුණ ආවරණය වන පරිදි හිස් යතුරුපැදි ආරක්ෂිත හිස් වැසුම් පැළද සිට ඇති බව නිරීක්ෂණය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.
යතුරුපැදිවල ගමන් කිරීමේදී භාවිතා කරන ආරක්ෂිත හිස්වැසුමක් පැළද සිටීම අවශ්‍ය වනුයේ යතුරු පැදියක ගමන් කරන අවස්ථාවේදී පැදිකරුගේ සහ පසුපැදිකරුගේ ආරක්ෂාව වෙනුවෙන් බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි. එබැවින් යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයන් නිරීක්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු භාහිරාදිය පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරනු ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.