දේශපාලන හා සිවිල් සංවිධාන කිහිපයකම ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස කටයුතු කර ඇති සමාජ ක්‍රියාකාරීකයෙක් ලෙස පෙනී සිටි ඩෑන් ප්‍රියසාද් මහතාට ඊයේ ((22) රාත්‍රී කාලයේදී වෙඩි තබා ඝාතනයකර තිබේ.
කොලොන්නාව ලක්සඳ සෙවන නිවාස සංකීර්ණයේ හය වෙනි මහලේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් මහල් නිවස සංකීර්ණයට පැමිණ හය වෙනි මහලේ රැදී සිටි ඩ්‍රෑන් ප්‍රියසාද් මහතාට වෙඩි තබා ඇත්තේ මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියකිනි.
මෙහිදී වෙඩි පහර 04ක් ඔහුට වැදී ඇති බවත් තවත් වෙඩිල්ලක් තට්ටු නිවාස සංකීර්ණයේ රැදී සිටි අයෙකුටද වැදී ඇති බවත් පොලිස් තොරතුරු සඳහන් කළේය.
වෙඩික්කරු සහ ඔහු සමග පැමිණි පුද්ගලයා නිරුපද්‍රිතව පළාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
වෙඩි වැදුණු ඩ්‍රෑන් ප්‍රියසාද් සහ අනෙත් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට මහල් නිවාස වැසියන් පියවර ගෙන ඇත. රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඩෑන් ප්‍රියසාද් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
අරගලකරුවන්ට පහරදීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන්ද ඩෑන් ප්‍රියසාද්ට ඒරෙහිව අධිකරණයේ නඩු කටයුතු පැවතුනි. ඩෑන්ගේ සහෝදරයාවද 2022 වසරේ ජුනි 25 වෙනිදා ඔරුගොඩවත්තේදී කපා කොටා ඝාතනයකර තිබිණි.
මෙම ඝාතනය විදේශයක රැදී සිටින පාතාලයේ ප්‍රබලයකුවන කංජිපානි ඉම්රාන්ගේ කොන්ත්‍රාත්තුවක් මත සිදුව ඇති බවට සැකයක් බුද්ධි අංශ නිලධාරීන් වෙත මතුව තිබේ.
ඩෑන් ප්‍රියසාද් ඝාතනය සම්බන්ධයෙන් කංජිපානිගේ බව කියන හඬ පටයක් මේ වනවිට සමාජ මාධ්‍යයේ හුවමාරු වේ.