ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා (21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනය කළේය.
කැසා සැන්ටා මාටර්හි පාප්වහන්සේ නිවහනේදී පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ අතර උන්වහන්සේ ස්වර්ගස්ථ වනවිට 88 වියේ පසුවිය.
2013 වසරේ දී ශාන්ත XVI බෙනඩික්ට් පාප්වහන්සේගෙන් පසුව ආර්ජන්ටිනාවේ උපන් ෆ්‍රැන්සිස් කාදිනල්තුමා, රෝමන් කතෝලික සභාවේ 266වැනි පාප්වහන්සේ ලෙස පත්විය.
කාදිනල් කැවින් ෆැරල් පවසා තිබුණේ, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද උදෑසන 7.35ට ස්වර්ගස්ථ වූ බවයි.
ලෝකය පුරා සැලකිය යුතු ලෙස කතෝලිකයන් පිරිසක් ආසන්න වශයෙන් මිලියන 1,400ක් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ගේ මරණය පිළිබද ශෝකයට පත් වන අතර, නව පාප්වහන්සේ තෝරා ගැනීමේ වාරය ලබන දින 15-20 අතරදී ආරම්භ වීමට නියමිතය.