මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ ඇවන්ගාඩ් අධිපති නිශ්ශංන සේනාධිපති මහතා අතර හමුවක් පැවති බවට සමාජ මාධ්‍ය සංසරණය වන ව්‍යාජ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා නීතිමය ක්‍රියා මාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් එම්.ඒ.ඩී. දීඝායු මහතා විසින් වැඩ බලන පොලිස්පති නීතිවේදී ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යොමුකර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ලිපිය මෙසේය.
“මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ නිශ්ශංක සේනාධිපති නැමැත්තා සම්බන්ධ කරමින් ව්‍යාජ ලෙස සකස් කරන ලද ප්‍රවෘත්තීන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු නිරීක්ෂණය විය. අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් තම අමාත්‍යාංශයේදී නිශ්ශංක සේනාධිපති නැමැත්තා මුණ ගැසුණු බව හැඟවෙන ආකාරයට එකී ප්‍රවෘත්තීන් නිර්මාණය කර ඇත.
එහෙත් එකී ප්‍රවෘත්තීන් ව්‍යාජ ප්‍රවෘත්තීන් වන අතර කිසිඳු අවස්ථාවක ආනන්ද විජේපාල මහතා හෝ ඔහුගේ නියෝජිතයෙකු නිශ්ශංක සේනාධිපති නැමැත්තා මුණ ගැසී නොමැත. එහෙත් මෙලෙස දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්තීන් නිර්මාණය කිරීම හරහා අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේත් වත්මන් රජයේත් නීර්ති නාමය හා ජනතා විශ්වාසය පළුඳු වීමක් සිදුවන බව නිරීක්ෂණය වේ. එමෙන්ම දිගින් දිගටම සාවද්‍ය ප්‍රවෘත්තීන් සමාජගත වීම හරහා සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා මහජනතාව සතු අයිතිය උල්ලංඝනය වීමක් සිදුවන අතර චේතනාන්විත ලෙස සාවද්‍ය තොරතුරු සමාජගත කිරීම හරහා සමාජයට අගතිදායී ප්‍රතිඵල ඇති කරන්නක්ය යන්න අපගේ හැඟීමයි.
ඒ අනුව එලෙස පළ කරන ලද ව්‍යාජ ප්‍රවෘත්තීන්වල පිටපත් කිහිපයක් මේ සමඟ අමුණා ඉදිරිපත් කරන අතර මෙකී ව්‍යාජ ප්‍රවෘත්තීන් පිළිබඳව නිසි පරිදි පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නෛතික පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඔබ තුමන්ගෙන් ඉල්ලා සිටිමු.“