තවත්
    මුල් පිටුවදේශීය පුවත්සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්

    සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන දළදා වහන්සේග ේ ඡායාරූපය ගැන විමර්ශනයක්

    “සිරි දළදා වන්දනාව“ අතර තුර ලබාගත් ඡායාරූපයක් ලෙස නිරූපනය වන සමාජ මාධ්‍ය වල සංසරණය වන “දන්ත දාතූන් වහන්සේගේ ඡායාරූපයක් සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භකර ඇත.

    “සිරි දළදා වන්දනාව“ සඳහා පැමිණි පුද්ගලයකු විසින් ලබාගන්නා ලද ඡායාරූපයක් බවට නිරූපනය වන එම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි.

    “සිරි දළදා වන්දනාව “ සඳහා සහභාගිවන බැතිමතුන්ට තම ජංගම දුරකථන ක්‍රියාකාරී තත්ත්වයෙන් තබා ගැනීමට හෝ දළදා වහන්සේගේ ඡායාරූප ලබා ගැනීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කරයි. එසේ තිබියදී මෙම සංසරණය වන ඡායාරූපය දළදා වන්දනාව පැවැත්වෙන කාල සීමාවේදී ලබා ගන්නා ලද ඡායාරූපයක්ද යන්න හා මෙය කවුරුන් විසින් ගන්නා ලද ඡායාරූපයක්ද නැතිනම් සංස්කරණය කරන ලද ඡායාරූපයක්ද යන්න අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img