තවත්
    මුල් පිටුවදේශීය පුවත්පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට

    පුංචි ඡන්දෙ අපේක්ෂකයෝ 21යි ගෝල බාලයෝ 70යි අත ්අඩංගුවට

    පළාත් පාලන මැතිවරණයට අදාලව නීති උල්ලංඝණය කිරීම් සහ ගැටුම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් 21 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 70 දෙනෙක් අද (20) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන තිබුණු බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

    මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත්තේ මාර්තු 03 වෙනිදා සිට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

    නීති විරෝධි මැතිවරණ කටයුතු සඳහා යොදාගත් වාහන 17ක් ද මේ කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

    මැතිවරණයට අදාලව අපරාධමය පැමිණිලි 45ක්ද මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වූ පැමිණිලි 166ක් ද මේ කාලය තුළ පොලිසියට ලැබී ඇත.

    අද (20) උදෑසන 6.00න් අවසන් වූ පැය 24 තුළ මැතිවරණයට අදාල අපරාධමය පැමිණිලි වාර්තා වී ඇත්තේ 01ක් පමණි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 12ක් ලැබී ඇති බව පොලිසිය සඳහන් කළේය. මෙම සිදුවීම් සම්බන්ධයෙන් අපේක්ෂකයෙක් සහ ආධාරකරුවන් දෙදෙනෙක් මේ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img