මැතිවරණ නීතී උල්ලංඝණය කිරීම් ඇතුළු ප්‍රඡණ්ඩ ක්‍රියා සම්බන්‍ධයෙන් අපේක්ෂකයින් 19 දෙනෙක් සහ දේශපාලන ආධාරකරුවන් 63 දෙනෙක් අද (18) උදෑසන 6.00වන විට පොලිසිය අත්අඩංගුව ගෙන තිබිණි.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාර්තු 03 වෙනිදා සිට අද උදෑසන 6.00 දක්වා කාලය තුළ සිදුවූ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙනි.
මේ කාලය තුළ මැතිවරණයට අදාල ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙයන් පැමිණිලි 42ක්ද නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 142ක්ද පොලිසියට ලැබී ඇත.
මැතිවරණ නීති උල්ලංඝණය කිරීමට යොදාගත් වාහන 15ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.