තවත්
    මුල් පිටුවදේශීය පුවත්පාස්කු ඉරිදා දින විශේෂ ආරක්ෂාවක් සපයන්න ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස්

    පාස්කු ඉරිදා දින විශේෂ ආරක්ෂාවක් සපයන්න ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස්

    පාස්කු ඉරිදා දිනයට සමගාමීව ක්‍රිස්තියානි දේවස්ථානවලදී සිදු කෙරෙන දේව මෙහෙයන්ට සහභාගි වන බැතිමතුන්ගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), අද (17) දින ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී ඇත.

    මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය හා ඒකාබද්ධ වෙමින් මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට දන්වා තිබේ.

    2019 වසරේ දී සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් සිදු වූ අපහසුතාවයන් මඟහරවා ගනිමින් සාමකාමී හා ආරක්‍ෂිත පරිසරයක් තුළ පාස්කු ඉරිදා දේව මෙහෙයන්ට සහභාගි වීමට ජනතාව වෙත අවස්ථාව සැලසීම මෙහි අරමුණ බව ද ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කර ඇත.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img