බූස්ස බන්ධනාගාරයේ සේවය කොට විශ්‍රාම ගිය බන්ධනාගාර අධිකාරිවරයා වෙඩි තබා ඝාතනය කළ බව කියන වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් තායිලන්තයට පැනයාමට උත්සාහ කළ අවස්ථාවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිලධාරින් පිරිසක් විසින් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙනිය සුද්දා නමැති අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු බව කියන විජේමුණි ලලන්තා ප්‍රීතිරාජ කුමාර (31) නැමති අම්බලන්ගොඩ කුලීවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපලේ සවිකර තිබෙන මුහුණු හඳුනා ගැනීමේ පද්ධතියේ (Face Recognize System) සහාය ලබාගෙන තිබේ.
ඒකනායක මුදියන්සේලාගේ ලකිඳු සංදීප් බණ්ඩාර නමැති ව්‍යාජ නමකින් සකස් කළ විදෙස්ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් මොහු රටින් පැන යාමට උත්සාහ කර තිබිණි.