පුපුරණ ද්‍රව්‍ය රැගෙන ලෑන්ඩ්කෘෘෂර් වර්ගයේ ජිප් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවටගත් ජනපති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවයේ නිරත ගුවන් හමුදා සෙබලෙක් ඇතුළු දෙදෙනෙක් පැය 48ක් රදවාගෙන විමර්ශන පවත්වන බව වෙල්ලාවලි පොලිසිය සඳහන් කරයි.
වයස අවුරුදු 34ක් වන මෙම ගුවන් හමුදා සෙබලා ගොඩකවෙල නියන්ගම පදිංචිකරුවෙකි. ඔහු සමඟ අත්අඩංගුවටගත් සෙසු සැකකරු 60 හැවිරිදි වියේ පසුවන කැලණිය ගෝනවල පදිංචිකරුවෙක් බව පොලිසිය සඳහන් කරයි.
වෙල්ලාවලි පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් රාත්‍රී ජංගම රාජකාරියේ නිරතව සිටියදී ඊයේ (17) අලුයම් කාලයේදී වෙල්ලාවලි බක්කි ඇල්ල මාර්ගයේ පාලයඩ්වට්ට ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබුණු ජිප් රථයක් පරීක්ෂාවට ලක්කර තිබේ. ලෑන්ඩ්කෘෘෂර් වර්ගයේ එම ජිප් රථය ජනාධිපති ලේකම්කාර්යාලයට අයත් ජනාධිපති ආරක්ෂක ගුවන් හමුදා ඒකකයේ රාජකාරි යොදවා ඇති එකක් බවද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මෙම ජිප් රථයේ තිබී පුපුරණ ද්‍රව්‍යක් වන වෝටර් ජෙල් කූරු 01ක්, ඇමෝනියා කිලෝ 01ක්, සේවා නූල් 01ක්, ප්ලේන්ට් රිමුවර් බෝතල් 03ක් හමුවී ඇත. මේ කිසිදු පුපුරණ ද්‍රව්‍යක් නීත්‍යානුකූලව ළඟ තබාගෙන ඇති බවක් අනාවරණය නොවූ බැවින් මෙසේ අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරයි.
මෙම පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගියේ කුමන කටයුත්තකටදැයි පැහැදිලිවම කිසිවක් අනාවරණය නොවන බැවින් රදවාගෙන ප්‍රශ්න කෙරෙන බව පොලිසිය සඳහන් කළේය.