තවත්
    මුල් පිටුවදේශීය පුවත්අතුරුදන් සෙබලාගේ මළ සිරුර සතියකට පසු කඳව ුරු භූමියේ තිබී හමුවේ

    අතුරුදන් සෙබලාගේ මළ සිරුර සතියකට පසු කඳව ුරු භූමියේ තිබී හමුවේ

    සතියක් තිස්සේ අතුරුදන්ව සිටි කුට්ටිගල යුද හමුදා කඳවුරේ සේවයේ නිරතව සිටි හමුදා සෙබලෙකුගේ මළ සිරුරක් කඳවුරු භූමියේම කැළෑබද ප්‍රදේශයක තිබී ඊයේ (02) හමුවී ඇත.

    මෙම සෙබලා කඳවුරේ මුළුතැන්ගෙට අනුයුක්තව සේවයේ නිරතව සිටි අයෙක් බව මරණය සම්බන්ධයෙන් කෙරන විමර්ශන වලින් අනාවරණය වන බව කුට්ටිගල පොලිසිය සඳහන් කළේය.

    සෙබලා මියගොස් දින කිහිපයක් වන බවත් සිරුර නරක් වෙමින් ඇති බවත් පොලිසිය සැකකරයි. සිවිල් ඇදුමකින් සැරසී සිට ඇති ඔහුගේ කලිසම් සාක්කුවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට යොදා ගන්නා උපකරණයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. මළ සිරුර අසල තිබී ආහාර පිසීමට යොදාගන්නා තෙල් පිරවූ කෑන් එකක්ද තිබී හමුවී ඇත. එම කඳවුරේ මුළුතැන්ගෙයි ආහාර පිසීමට යොදාගන්නා වර්ගයේ එකක් බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    මෙම සෙබලා පසුගිය 26 වෙනිදා අලුයම 2.30 සිට අතුරුදන් බවට එම කඳවුරේ අණදෙන නිලධාරියා විසින් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img