බීමත්ව පොලිස් කැබ් රථයක් පදවා රිය අනතුරක් සිදුකර පළාගිය කෑගල්ල පොලිස් ස්ථානයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙක් කෑගල්ල පොලිසියේ නිලදාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
රිය අනතුර සිදුකර පළායමින් තිබුුණු පොලිස් කැබ් රථය පස්සේ පන්නා ගොස් කැබ් රථය නතරකර නිලධාරියාව අල්ලා පොලිසියට භාරදී ඇත්තේ ත්‍රීරෝද රථ රියදුරන් පිරිසකි.
මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ (26) රාත්‍රී කාලයේදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කිලෝ මීටර් 70-71 කිලෝ මීටර් කණු දෙක අතර කොටසේදීය.
කෑගල්ල කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අර්ධවාර්ෂික පරීක්ෂණය සඳහා අඹේපුස්ස හමුදා කඳවුරෙන් රැගෙන ආ කාප්ටුවක් ලබාදීමට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
පොලිස්් කැබ් රථය අනතුරට ලක්ව ඇත්තේ ත්‍රීරෝද රථයක ගැටීය. එහිදී පොලිස් කැබ් රථය නොනවත්වා අධික වේගයෙන් ධාවනයකර ඇති බව එම අනතුර සිදුවූ ස්ථානය අසල ඇති ත්‍රීරෝද රථ නැවතුමේ සිටි ත්‍රීරෝද රථ රියදුරෝ පවසති. එම අවස්ථාවේදී ත්‍රීරෝද රථ නැවතුම් පොලේ සිටි ත්‍රීරෝද රථ රියදුරන් පිරිසක් ත්‍රීරෝද රථවල නැගී පොලිස් කැබ් රථය පසු පස හඹාගොස් රථය නවතා රියදුරු අල්ලා පොලිසියට භාරදී තිබෙන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා වරකපොල රෝහලට ඇතුලත්කර ඇත. පොලිස් කැබ් රථයටද හානි සිදුව තිබේ.