කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ එහි සංස්කෘතික
අංශය වන ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (SVCC) විසින් 2025 ජනවාරි 26 වන දිනට යෙදෙන 76වන ඉන්දීය ජනරජ දිනය
නිමිත්තෙන් සංවිධානය කර තිබූ ‘පැපොන් ලයිව්’ සජීවි සංගීත ප්‍රසංගය
නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණ.
පසුගිය 22 දා පැවති මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ වැඩ බලන ඉන්දීය මහ කොමසාරිස්
වෛද්‍ය සත්‍යාංජල් පාණ්ඩේ, වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ
සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, වෘත්තීය අධ්‍යාපන
නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය
අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම, මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය
සුනිල් වටගල සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන
මහත්වරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන්
රැසක් සහභාගී වූහ.
මෙහිදී සංස්කෘතික සබඳතා සඳහා ඉන්දීය කවුන්සිලය (ICCR) විසින්
නිර්දේශිත ඉන්දීය කලාකරුවකු වන අංගරාග් මහන්තා හෙවත්
‘පැපොන්’ විසින් මනහර සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කරන ලදී.
සම්මානලාභී බොලිවුඩ් පසුබිම් ගායකයකු වන ‘පැපොන්’ ප්‍රවීණ සංගීත
ශිල්පියකු වන අතර ඔහු ගායකයක්, සංගීත භාණ්ඩ රැසක් වාදනය කළ
හැකි වාදකයෙක්, සංගීතඥයෙක්, රෙකෝඩ් නිෂ්පාදකයෙක් සහ සජීවී
ඉදිරිපත් කරන්නෙක් වේ. පැපොන් ලයිව් ප්‍රසංගය ඉන්දීය ජන, සම්භාව්‍ය
සහ සමකාලීන සංගීත ඉදිරිපත් කිරීම් සමඟින් ප්‍රේක්ෂකයන්
අමන්දානන්දයට පත් කළේය.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පොහොසත් සංස්කෘතික සබැඳියාව
විදහා දක්වමින් සන්ධ්‍යාව ‘ස්වස්ති’ නම් වූ ජව සම්පන්න ඉදිරිපත්
කිරීමකින් ආරම්භ විය. ප්‍රවීණ ශ්‍රී ලාංකේය බෙර වාදන ශිල්පී රවිබන්ධු
විද්‍යාපති මහතා සහ කණ්ඩායම ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් රිද්මය සහ
සාම්ප්‍රදායික ශබ්ද සමඟින් ‘වන්දේ මාතරම්’ ගීතය ඇතුළු ඉන්දීය තනු
රැසක් ඉදිරිපත් කළේය.
මෙම ආනන්දජනක සංගීත සන්ධ්‍යාව සඳහා ශ්‍රී ලංකාවේ
ආරක්ෂක සහ සිවිල් සේවයේ සාමාජිකයන්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ
සාමාජිකයන්, විද්වතුන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරත වන්නන්,
ව්‍යාපාරික සහ මාධ්‍ය ක්ෂේත්‍රෙය් සාමාජිකයන්, ඉන්දීය ඩයස්පෝරාව සහ
ඉන්දියාවේ මිතුරන් රැසක් ඇතුළු දහසකට අධික ආරාධිතයන් පිරිසක්
සහභාගී වූහ. ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු උණුසුම් ප්‍රතිචාර දෙරට
ජනතාව අතර ගැඹුරු ලෙංගතුකම සහ සංස්කෘතික බැඳීම පිළිඹිබු
කළේය.