රථවාහන නීති උල්ලංඝණය කරමින් මෝටර් රථයක් පැදවීම සහ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතාට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භකර තිබේ.
අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බැන වදිමින් ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට තුඩු දුන්නේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසීය.
පොලිසිය හා අර්ජුනා මන්ත්‍රීවරයා අතර මෙම යම් සිදුවීමක් ඇතිවන්නේ ඊයේ රාත්‍රී කාලයේදී අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදීය. රතු සහ නිල් පැහැති නිවෙන දැල්වෙන වී.අයි.පී. විදුලි පහන් දල්වාගෙන මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය පොලිසිය නවතා පරීක්ෂා කිරීමේදී ඊට මන්ත්‍රීවරයා එරෙහි වී තිබේ. තමා පාර්ලිමේන්තු සැසියට සහභාගිවීමට ගමන්කරන බවත් පොලිසියට තමාගේ වාහනය නවතා බාධා කිරීමට හැකියාවක් නැති බවත් සඳහන් කරමින් ඔහු පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගැනීමට උත්සහ දරා ඇත. පොලිස් නිලධාරීන්ට ඕයි, යකෝ, මෝඩයෝ ආදී වචන පවසා ඇතත් පොලිස් නිලධාරීන් එම අවස්ථාවේදී ඉවසීමෙන් කටයුතු කර තිබේ.
මෝටර් රථ වාහන පනතේ විධිවිධාන යටතේත් දණ්ඩනීති සංග්‍රහය යටතේත් මන්ත්‍රීවරයාට එරෙහිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය සූදානම් වන බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
රථවාහන නීති උල්ලංඝණය කරමින් මෝටර් රථයක් පැදවීම සහ ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් මහතාට එරෙහිව පොලිස් විමර්ශන ආරම්භකර තිබේ.
අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් බැන වදිමින් ජාතීන් අතර අසමගියක් ඇති කිරීමට තුඩු දුන්නේදැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පැවසීය.