තවත්
    මුල් පිටුවදේශීය පුවත්හම්බන්තොට වරාය 2024 සියයට 22ක වර්ධනයක්

    හම්බන්තොට වරාය 2024 සියයට 22ක වර්ධනයක්

    2024 දී 22% ක සුවිශේෂ වර්ධන වේගයක් අත්කරගෙන ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය (HIP), 2025 වසර තුළ එය තව දුරටත් ඉහළ නැංවීමට අරමුණු කරයි.

    ඒ වෙනුවෙන් වරායේ බහාලුම් අංගනයට නවීන ගැන්ට්‍රි සහ අංගන දොඹකර හඳුන්වාදීම ඇතුළු යටිතලපහසුකම් වැඩිදියුණුකිරීමේ කටයුතු රැසක් ක්‍රියාවට නන්වා තිබේ. මෙම නවීකරණය, ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධාන සාමාජිකයෙකු ලෙස ස්ථානගතවෙමින් සිටින HIP විසින්, නාවික සහ සැපයුම් වෙළඳ පොළ තුළ වැඩෙමින් පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ගෙන ඇති උපාය මාර්ගයන්ගෙන් එකකි.

    2024 වසරේදී තොග සහ කොටස් වශයෙන් ප්‍රවාහනය කරන නැව් බඩු අංශයේ කැපී පෙනෙන ප්‍රගතියක් වරාය අත්විඳ ඇත.

    වසරේ පළමු භාගය තුළ මෙට්‍රික්ටොන් 236,012 සිට මෙට්‍රික්ටොන් 552,297 දක්වා ඉහළ ගොස්ඇතිඅතර, මෙම සංඛ්‍යාව 2023 වසරේ එම කාල සීමාවට සාපේක්ෂව 134% ක වර්ධනයකි. 2022 දීබිඳවැටුණු ඉදිකිරීම් ක්ෂේතය ප්‍රකෘති වීමෙන් අනතුරුව සිමෙන්ති ආනයනය ඉහළයාම පරිමාවන් වැඩිවීමට තුඩුදුන් ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැක.

    HIP හිගෑස් මෙහෙයුම් ද ක්‍රමයෙන් ශක්තිමත් කරමින්, පසුගිය වසර පළමු භාගය තුළ LPG පරිමාවන් 46% කින් ඉහළ නැංවීමට වරාය සමත්වී ඇත. 2024 දෙවන කාර්තුවේදී 2023 ට සාපේක්ෂව LPG ප්‍රවාහන අනුපාතයේ 100%ක වැඩිවීමක් වාර්තාකර ඇත. LPG ගෑස් යාත්‍රා සහ විවිධ නෞකා සඳහා ඍජුව ඉන්ධන සැපයුම් සිදුකරමින් සිය සේවාවන් පුළුල්කරඇති HIP, නැවෙන් නැවට ද්‍රවතොග මාරු කිරීමේ මෙහෙයුම් ද ආරම්භ කළේය. මේ සියලු ක්‍රියාවක්ම, බලශක්ති අංශය ප්‍රධානවර්ධන වෙළඳපොලක්ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා වරාය දක්වන උනන්දුව පැහැදිලිව ප්‍රකාශ කරයි.

    මෙඩිටරේනියන් නැව්සමාගම (MSC) සමග එක්ව බහාලුම් සේවා ආරම්භ කිරීම HIP විසින් 2024 තුළ ලැබූ විශේෂ ජයග්‍රහණයක් විය. වසර මැද භාගයවනවිට සම්මත අඩි 20 බහාලුම් (TEU) 43,777ක් හසුරුවා අංග සම්පූර්ණ බහාලුම් වරායක්ලෙස ස්ථාපිතවී, කලාපයේ ශක්තිමත් බහාලුම් හුවමාරුමධ්‍යස්ථානයක් ලෙස ස්ථානගතවීමට වරාය සමත්විය. සිය බහාලුම් සේවාවන් තවදුරටත් දියුණු කිරීමේ අරමුණින්, ප්‍රතිනැව්ගතකිරීම සඳහා කැපවූ විශේෂ බහාලුම් අංගනයක් ඉදිකිරීම සඳහා ද HIP විසින් සැලසුම් යොදා ඇත.

    ඒකාබද්ධ සැපයුම්, සමුද්‍රසේවා, වරාය සේවා, බලශක්ති මධ්‍යස්ථානයක් සහ වරාය ආශ්‍රිත කර්මාන්ත යන ප්‍රධාන අංශ පහක් හරහා ක්‍රියාත්මක කරන HIP බහුකාර්ය වරායක් ලෙස සිය පිහිටීම තහවුරුකොට ඇත. උපාය මාර්ගික පිහිටීම, වැඩිදියුණු කරනලද යටිතල පහසුකම් සහ කාර්යක්ෂම සේවාවන් සමගින්, ශ්‍රීලංකාවේ දකුණු පළාතවෙත පිවිසීමේ දොරටුවක් ලෙස ස්ථානගතවී ඇති හම්බන්තොට ජාත්‍යන්තර වරාය, ප්‍රතිනැව්ගතකිරීම සහ ප්‍රතියෝජක (relay) කිරීමේ සේවාවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img