Home දේශීය පුවත් ඩෙංගු ඉහළට

ඩෙංගු ඉහළට

0

මෙම වසරේ මුල් සතිය තුළ ඩෙංගු වාර්තා වීම සියයට 16.2 කින් ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

2024 දෙසැම්බර් 30 වැනිදා සිට 2025 ජනවාරි 05 වැනිදා දක්වා වූ සතිය තුළදී මෙම ඉහළ යාම සිදුව තිබේ.

මේ තත්ත්වයට හේතුව පසුගිය දිනවල ඇද හැලුණු වර්ෂාපතනය බව පෙනී ගොස් ඇත.

එම සතිය තුළදී ඩෙංගු ආසාදිතයන් 1138 ක් වාර්තා වී ඇති අතර අධි අවදානම් කලාප හතරක් ලෙස කොළඹ නගර සභා බල ප්‍රදේශය, වත්තල, මීගමුව, මාතර – තිහගොඩ ප්‍රදේශ හඳුනාගෙන තිබේ.

ඩෙංගු ආසාදිත 1138 න් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ලෙස 273 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 184 ක් ද, මහනුවර දිස්ත්‍රික්කයෙන් 57 ක් ද, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 66 ක් ද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් 70 ක් ද ලෙස එම සතියේ දී වාර්තා වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here