Home දේශීය පුවත් තරුණියකට අතවර කලාට රටම දන්නා විශාරද ගායකය ාට වූ දේ

තරුණියකට අතවර කලාට රටම දන්නා විශාරද ගායකය ාට වූ දේ

0

විසිපස් හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රටම දන්නා විශාරද ගායකයෙකු නුගේගොඩ කොට්ඨාශ ළමා හා කාන්තා අපයෝජන වැලැක්වීමේ කාර්යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

ගංගොඩවිල මහේස්ත්‍රාත් රුවිනි ජයවර්ධන මහත්මිය හමුවට අද ඔහුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප මත මුදා හැර ඇත.

කළුබෝවිල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන පැමිණිලිකාරිය විසින් පොලීසියට මේ ගැන පැමිණිලිකර ඇත්තේ පසුගිය 23 වෙනිදාය.

තරුණිය කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක්ද ලබාගැනීමෙන් අනතුරුව රටම දන්නා ගායකයාව අත්අඩංගුවටගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here