නව කැළණි පාලම හා අතුරුගිරිය සම්බන්ධ කෙරෙන අධිවේගී මාර්ගයෙන් බලපෑමට ලක්වූ පවුල් සඳහා නව නිවාස ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව අනවසර පදිංචිකරුවන් හා අලාභානියට ලක්වන නිවාස හිමිකරුවන් 1100කට නව නිවාස ලබාදීමට නියමිතයි.
මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා මං තීරු හතරකින් සමන්විතව කණු මතින් දිවෙන ආකාරයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක ය.
එම ව්‍යාපෘතිය සඳහා අත්කර ගෙන ඇති අනවසර පදිංචි පවුල්, අනවසර පදිංචි අනු පවුල් සභ පර්චස් 06ට අඩු ඉඩම්වල පදිංචි පවුල් මෙන්ම දෙමටගොඩ ක්‍රීඩාංගණය ඉදි කිරීමට නියමිත ඉඩමෙහි අනවසරයෙන් පදිංචි පවුල් සඳහා විකල්ප නිවාස පහසුකම් සලසා දීමේ අවශාතාව හඳුනාගෙන ඇත.
ඒ අනුව, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන කොළොන්නාව, හේනමුල්ල සහ මාළිගාවත්ත යන නිවාස ව්‍යාපෘතිවලින් එම පවුල් 1,100 සඳහා අවශ්‍ය නිවාස ලබා දීම පිණිස මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.