Home උණුසුම් පුවත් මඩකලපුව පොලීසියේ විවිධ පැමිණිලි OICට ප්‍රහාරයක්

මඩකලපුව පොලීසියේ විවිධ පැමිණිලි OICට ප්‍රහාරයක්

0
මඩකලපුව පොලීසියේ විවිධ පැමිණිලි OICට ප්‍රහාරයක්

විදේශ රැකියා ලබාදෙන පවසා මුදල් වංචාකරමින් සිටි පුද්ගලයකු විසින් කළ පරදීමකින් මඩකලපුව පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදුව ඇත.

මෙම පහරදීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදී මඩකලපුව පිල්ලෙයාර් අඩි ප්‍රදේශයේදීය.

රට රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරු එම ප්‍රදේශයේ රැදී සිටින බවට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් සමඟ ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී මෙම ප්‍රහාරය එල්ලවී තිබේ.

සැකකරුට පලායාමට ඉඩනොදී අමතර පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට කැදවා ඔහුව අත්අඩංගුවටගත් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරු කළුවංචිකුඩි ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි වියේ පසුවන්නෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here