Home උණුසුම් පුවත් පුරාවස්තුවක් එක්ක අයෙක් මාට්ටු

පුරාවස්තුවක් එක්ක අයෙක් මාට්ටු

0
පුරාවස්තුවක් එක්ක අයෙක් මාට්ටු

පුරාවිද්‍යා වටිනාකමක් සහිත පිළිමයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු දඹගල්ල ඔබ්බේගොඩ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ සියඹලාණ්ඩුව කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

උස සෙන්ටිමීටර් 11ක් වූ ග්‍රෑම් 262ක් බරැති මෙම පිළිමය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 53ක් වයසැති අයෙකි.

මෙම පුද්ගලයා පිලිමතලාවේ පදිංචිකරුවෙක් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

අත්අඩංගුවටගත් සැකකරු සමඟ පිළිමය වැඩිදුර විමර්ශන සඳහා දඹගල්ල පොලීසියට ඊයේ භාරදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here