Home අධ්‍යාපනය 7 වසරකට පසු ගාල්ල මහින්දෙට විදුහල්පතිවරයෙක්

7 වසරකට පසු ගාල්ල මහින්දෙට විදුහල්පතිවරයෙක්

0
7 වසරකට පසු ගාල්ල මහින්දෙට විදුහල්පතිවරයෙක්

ගාල්ල මහින්ද විද්‍යාලයට වසර 7කට පසුව නව විදුහල්පතිවරයෙක් පත් කර තිබේ.

ඒ අනුව එම විදුහලේ නව විදුහල්පතිවරයා ලෙස ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරියකු චන අතුල ඩබ්ලිව්‌. නානායක්කාර පත්කර ඇත.

අතුල නානායක්කාර මහතා කටයුතු කරමින් සිටියේ කොළඹ ලුම්බිණි විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස ය.

අතුල ඩබ්ලිව්‌. නානායක්කාර මහතා කොළඹ ලුම්බිණි විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස

එම්‌ පත්වීම සම්බන්ධ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්‌ මහාචාර්ය කපිල සි.කේ.පෙරේරා විසින්‌ අද (08) නිකුත්‌ කර තිබේ.

මහින්ද විද්‍යාලයට ස්ථිර විදුහල්පතිවරයකු නොමැතිව වසර 07කට ආසන්න කාලයක්‌ ගත වී තිබූ අතර එම කාලයේ දී විදුහල්පති ධූරයේ වැඩ
ආවරණය කළේ නියෝජ්‍ය විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා විසිනි.

නව විදුහල්පතිවරයා සම්බන්ධ පත්වීම්‌ 2021 අප්‍රේල්‌ 8ට වැනි දා රාජ්‍ය සේවා කොමිෂන්‌ සභාව චිසින්‌ අනුමත කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here