Home උණුසුම් පුවත් රටේ අයවැය ගැන අලුත් ආණ්ඩුවේ ලියවිල්ල ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට

රටේ අයවැය ගැන අලුත් ආණ්ඩුවේ ලියවිල්ල ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට

රටේ අයවැය ගැන අලුත් ආණ්ඩුවේ ලියවිල්ල ලබන 05 වැනිදා පාර්ලිමේන්තුවට

පාර්ලිමේන්තුව දෙසැම්බර් 3 සිට 6 දක්වා රැස්වීමට පසුගියදා (25) කථානායක ආචාර්ය අසෝක රන්වල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.

මේ අනුව ලබන දෙසැම්බර් 3 වැනි අඟහරුවාදා ජනාධිපතිවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් එදින ‍පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා ඒ පිළිබඳ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ.

අනතුරුව දෙසැම්බර් 4 වැනිදා පෙ.ව 9.30 සිට ප.ව 5.00 දක්වා තවදුරටත් විවාදය පැවැත්වීමටත් එයට අදාළ ඡන්ද විමසීම ප.ව 5.00 ට පැවැත්වීමටත් පක්ෂ නායකයන්ගේ එකඟත්වය පළ වී ඇත.

2025 වස‍රේ පළමු මාස 4 සඳහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා සම්මතය දෙසැම්බර් 5 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය විය.

මේ අනුව ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 දෙදින පෙ.ව 9.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමටත් මෙම පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී ඇත.

මීට අමතරව ආණ්ඩු පාර්ශ්වය සහ විරුද්ධ පාර්ශවය සදහා විවාද කාලය වෙන් කිරීම, කාරක සභාවල ආණ්ඩු පාර්ශවයේ සහ විරුද්ධ පාර්ශ්වයේ සංයුතිය තීරණය කිරීම, තේරීම් කාරක සභාව ස්ථාපිත කිරීම සහ ඊට අදාළ නාම යෝජනා ලබා ගැනීම, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හා අනෙකුත් කාරක සභා පිහිටුවීම, ආංශික අධීක්ෂණ කාරක සභාවල ක්‍රියාකාරීත්වය සහ දසවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය ස්ථාපිත කිරීමට ලැබී ඇති ඉල්ලීම සලකා බැලීම යන කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here