Home උණුසුම් පුවත් ලක්ෂ 06ක ලූණු ලොරියකින් පැන්නූ 12ක් කොටු

ලක්ෂ 06ක ලූණු ලොරියකින් පැන්නූ 12ක් කොටු

0
ලක්ෂ 06ක ලූණු ලොරියකින් පැන්නූ 12ක් කොටු

ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ කිලෝ 2,562ක් සොරාගත් 12 දෙනෙක් පිටකොටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර ලූණු ප්‍රවාහනය කළ ලොරි රථයේ රියදුරු සහ රිය සහයකද සිටින බව පොලීසිය කියයි.

සොරාගත් ලූණු තොගය වෙළඳ සැල්වලට අලෙවිකර තිබී ඇති අතර එයින් ලූණු කිලෝ 1000කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට පත්වූවන් අතර ව්‍යාපාරිකයන්, නාට්ටාමිවරුන් ද වන බව පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 24 වෙනි දින පිටකොටුව 5 වන හරස් වීදිය තොග වෙළඳ සැලකට බහලුමක් සවිකල ලොරියකින් රැගෙන ආ බීලූනු තොගයෙන් කොටසක් මාබෝල ප්‍රදේශයේ ගබඩාවට රැගෙන යමින් සිටියදී අතර මගදී සොරාගෙන ඇති බව පොලීසිය කියයි.

අත්අඩංගුවටගත් සැකකරුවන් වයස අවුරුදු 23ත් 63 අතර පසුවන දෙහිවල , වැල්ලම්පිටිය, ආදුරුප්පු වීදිය, නිකවැරටිය, තලවකැලේ, මාලඹේ, හඟුරන්කෙත, හසලක හා මාළිගාවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here