Home උණුසුම් පුවත් පෝලන්ත රැකියා පෙන්වා සල්ලි ගැරූ ජනපති ආරක්ෂකයේ හිටපු නිලධාරියෙක් කොටු

පෝලන්ත රැකියා පෙන්වා සල්ලි ගැරූ ජනපති ආරක්ෂකයේ හිටපු නිලධාරියෙක් කොටු

0
පෝලන්ත රැකියා පෙන්වා සල්ලි ගැරූ ජනපති ආරක්ෂකයේ හිටපු නිලධාරියෙක් කොටු

පෝලන්තයේ රැකියාවක් සඳහා යවන බව සඳහන් කරමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 11කට අධික මුදලක් ලබාගෙන වංචා කළ බව කියන ජනාධිපති ආරක්ෂක අංශයේ කලක් සේවයේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන ඇත.

වයස අවුරුදු 28ක් වන මෙම උප පොලිස් පරීක්ෂකවරයා කැකනදුර පදිංචිකරුවෙකි.

මොහු පොලිස් සේවයට 2016 වසරේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස එක්ව ඇති අයෙකි. ජනාධිපති ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටියදී නොදන්වා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් පසුගිය වසරේ අගොස්තු මාසයේදී සේවය අතහැර යාමේ නියෝග ඔහුට නිකුත්කර ඇතැයි වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

පෝලන්තයට යවන බව පවසා මුදල් ලබාගෙන වංචාව කර ඇත්තේ ඔහු පොලිස් සේවයේ නිරතව සිටියදී බව වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here