පවතින අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික් 8ක ප්‍රදේශ ගණනාවක නායයාම්, පස් කදු කඩාවැටීම්, විශාල ගල් පෙරලීම් ආදිය සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ අආයතනය අනතුරු අගවා තිබේ.
එබැවින් පහත ප්‍රදේශවල ජනතාව වහාම අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී සිටී.
හෙට (08) පස්වරු 4.30 දක්වා මෙම අනතුරු ඇගවීම බලපැවැත්වේ.
කළුතර දිස්ත්‍රික්කයට අයත් බුලත්සිංහල, අගලවත්ත, පාලින්දනුවර, මතුගම, හොරණ, වලල්ලාවිට සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මෙම අවදානම පවතී.
කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් කෑගල්ල, දැරණියගල, වරකාපොල, රුවන්වැල්ල, ගලිගමුව, මාවනැල්ල, රඹුක්කන, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඔ්විට සහ අරනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද මෙම අවාදනම ඇත.
එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයට අයත් නෙලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ඇහැලියගොඩ, කලවාන, අයගම, කිරිඇල්ල, ඇලපාත, රත්නපුර, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද අවදානම් ය.
නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ද කොළඹ දිස්ත්‍රික්කයට අයත් සීතාවක, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද නායයාමේ අවදානම් බවට අනතුරු අගවා ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම, අත්තනගල්ල, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ද නායයාමේ අවදානම් පවතින බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.