Home උණුසුම් පුවත් අලුත් පාර්ලිමේන්තුවේ මුල් පුටුවට අශෝක රන්වල -තවත් පත්කිරීම් කිහිපයක්

අලුත් පාර්ලිමේන්තුවේ මුල් පුටුවට අශෝක රන්වල -තවත් පත්කිරීම් කිහිපයක්

අලුත් පාර්ලිමේන්තුවේ මුල් පුටුවට අශෝක රන්වල -තවත් පත්කිරීම් කිහිපයක්

දසවැනි පාර්ලිමේන්තුවේ අභිනව කථානායකවරයා ලෙස අචාර්ය අශෝක රන්වල මහතා තේරී පත් වෙයි.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ඔහුගේ නම යෝජනා කළ අතර, එම නාමයෝජනා විජිත හේරත් විසින් ස්ථිර කරන ලදී.

එමෙන්ම නියෝජ්‍ය කථානායක ධුරය සඳහා තෝරාගන්නා ලද්දේ වෛද්‍ය රිස්වි සාලි මහතා ය.

ඒ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්සගේ යෝජනාව, පාර්ලිමේන්තු මන්ත්‍රී සරෝජා සාවිත්‍රී පෝල්රාජ් විසින් ස්ථිර කරන ලදී.

නියෝජ්‍ය කාරක සභා සභාපතිධුරයට හේමාලි වීරසේකර මහත්මිය පත්කරගැනීම ද මෙහිදී සිදුවිය.

එම නම යෝජනා කරන ලද්දේ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වන අතර මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ විසින් එය ස්ථිර කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here