Home දේශීය පුවත් අරගලකරුවන් ජනපති මැදුරෙන් සොයාගත් මුදල් ගැන ඉහළ උසාවියෙන් විභාගයක්

අරගලකරුවන් ජනපති මැදුරෙන් සොයාගත් මුදල් ගැන ඉහළ උසාවියෙන් විභාගයක්

0
අරගලකරුවන් ජනපති මැදුරෙන් සොයාගත් මුදල්  ගැන ඉහළ උසාවියෙන් විභාගයක්

කොළඹ කොටුවේ පිහිටි ජනපති මැදිරට 2022 වසරේ කඩාවැදුණු අරගලකරුවන් පිරිසක් විසින් එහි කාමරයක තිබී සොයාගෙන පොලීසියට භාරදුන් රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසකට අධික මුදලක් මහජන ආරක්ෂක ඇමැති වරයා ට ලබා දෙන ලෙස උපදෙස් දීම මගින්, සාපරාධී විශ්වාසය කඩ කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් එවක බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනු කළ පෞද්ගලික පැමිණිල්ලක් බල රහිත කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුන්නේය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගනිමින් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට ජාතික ජන බලවේගයෙන් පත්වූ ගුරු සංගම් නායක මහින්ද ජයසිංහ මහතා විසින් 2003 වසරේ දී ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් සම්බන්ධයෙන් මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අවසරය ලබා දෙන ලදි.

අදාල පෙත්සම ලබන වසරේ ජුනි මස 12 වැනිදා විභාගයට ගැනීමට නියම කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here