Home COVID අලුත් දොස්තරලාට කොවිඩ් මර්දනය ගැන නිසි පුහුණුවක් දෙන්නැයි ඉල්ලීමක්

අලුත් දොස්තරලාට කොවිඩ් මර්දනය ගැන නිසි පුහුණුවක් දෙන්නැයි ඉල්ලීමක්

අලුත් දොස්තරලාට කොවිඩ් මර්දනය ගැන නිසි පුහුණුවක් දෙන්නැයි ඉල්ලීමක්

අංජනා මල්ලවආරච්චි

නවක වෛද්‍යවරු කොවිඩ් මර්දන කටයුතු සඳහා යෙදවීමේදී ඔවුන්ට නිසි පුහුණුවක් සහ පහසුකම් ලබාදිය යුතු යැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

පෞද්ගලික ආරක්ෂක උපකරණ ඇතුළු අවශ්‍ය උපකරණ සැපයීම, බෝවන රෝගයක් සමග කටයුතු කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදීම, එම වෛද්‍යවරුන්ට සහ ඔවුන්ගේ නිවැසියන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම වැනි පහසුකම් නවක වෛද්‍යවරුන්ට ලබාදිය යුතු යැයි ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා පැවසීය .

එසේ නොමැතිව නවක වෛද්‍යවරුන් කොවිඩ් මර්දන කටයුතු සඳහා යෙදවීමෙන් අවශ්‍ය ප්‍රතිඵල ළඟා කර ගත නොහැකිවනු ඇතැයි ද ජයන්ත බණ්ඩාර මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here