Home දේශීය පුවත් මත්කුඩු ජාවාරමකට ගල්කිස්ස පොලිසියේ කොස්තාපල් කොටු

මත්කුඩු ජාවාරමකට ගල්කිස්ස පොලිසියේ කොස්තාපල් කොටු

0
මත්කුඩු ජාවාරමකට ගල්කිස්ස පොලිසියේ කොස්තාපල් කොටු

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ පහක් ජාවාරම් කිරීමට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන් ගල්කිස්ස පොලිසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම නිලධාරියා ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු හා සම්බන්ධ වෙමින් පොලිස් නිල ඇඳුම අවභාවිතා කරමින් මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇති බව සැක කෙරේ.

එබැවින් මෙම පොලිස් කොස්තාපල්වරයා රඳවා ගැනීමේ නියෝග මත රඳවා ගනිමින් විමර්ශන පැවැත්වීමට කටයුතු කරන බව උසස් පොලිසි නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here