Home උණුසුම් පුවත් ඡන්ද අපේක්ෂකයන් 02ක් එක්ක 51ක් අත්අඩංගුවට

ඡන්ද අපේක්ෂකයන් 02ක් එක්ක 51ක් අත්අඩංගුවට

0
ඡන්ද අපේක්ෂකයන් 02ක් එක්ක 51ක් අත්අඩංගුවට

මහ මැතිවරණය පැවති අද (14) දිනයේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් අපේක්ෂකයන් දෙදෙනෙක් ඇතුළු පුද්ගලයින් 51 දෙදෙනක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

අපේක්ෂකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව හා කල්පිටියෙනි. එක් අපේක්ෂකයෙක් මුදල් බෙදීමට ගොස් අත්අඩංගුවට ගෙන ඇති බවත් අනෙත් අපේක්ෂකයා නීති විරෝධි ලෙස ප්‍රචාරක කටයුතු වල නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

සෙසු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුදල් ලබාදීම, ඡායාරූප ලබාගැනීම, ඡන්ද පත්‍රිකා ඉරා දැමීම සහ පහරදීම් සම්බන්ධයෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. සිදුවීම් 33කට අදාලව අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත.

රාජකාරීයේ නියුතුව සිටි නිලධාරියෙක්ව අදාළ කටයුතු වලින් ඉවත් කිරීමට සිදුවූ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණි පුද්ගලයෙක්ට උදව්කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු පැවසු දෙයට පටහැනිව වැරදි ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here