Home දේශීය පුවත් සංස්ථාවේ කජු ගබඩාවෙන් සොයාගත් දෑ

සංස්ථාවේ කජු ගබඩාවෙන් සොයාගත් දෑ

0

කොණ්ඩාච්චියේ පිහිටි ශ්‍රී ලංකා කජු සංස්ථාවට අයත් ගබඩාවක හා කම්කරු නිවාස දෙකක සඟවා තිබී දැව තොගයක් තොගයක් ශිලාවතුර පොලිසිය විසින් සොයාගෙන තිබේ

බලපත්‍ර නොමැතිව එම දැව ගබඩා කර තිබීම සම්බන්ධයෙන් කොණ්ඩච්චිය කජු යායේ වතු අධිකාරීවරයා සැකපිට පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

බුරුත දැව කොටස් 338 ක් කළුවර දැව කොටස් අසූවක් තේක්ක දැව කොටස් 1138ක් පලු දැව කොටස් 266ක් සොයාගත් දැව අතර ඇතැයි ශිලා වතුර පොලිසිය සඳහන් කළේය.

මෙම ගබඩාව සහ නිවාස දෙක පරීක්ෂාවට ලක් කර ඇත්තේ පොලිසියට ලද තොරතුරකට අනුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here