Home දේශීය පුවත් කෝටියක කොකේන් ගිල මෙරටට ආ සියෙරාලියෝන් ජා තිකයා කොටු

කෝටියක කොකේන් ගිල මෙරටට ආ සියෙරාලියෝන් ජා තිකයා කොටු

0

රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති කොකෝන් ග්‍රෑම් 672ක් ගිල මෙරටට පැමිණි සියෙරාලියෝන් ජාතිකයකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රබර් කොපු තුළ සඟවා ඒවා ගිල උදරයේ තබාගෙන මෙරටට පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටිය සෙල්ලමුත්තු පටුමගේදී ඊයේ සවස් කාලයේදීය.

මෙම සියෙරාලියෝන් ජාතිකයාගේ උදරයේ තිබී කොකේන් ගුලි 40ක් පිටතට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සඳහන් කළේය.

රුපියල් 39,840ක මුදලක් සහ අමෙරිකානු ඩොලර් 500ක මුදලක්ද ඔහු ඔහු සතුව තිබී සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here