Home දේශීය පුවත් වරායෙන් පැන්නූ බව කියන කෝටියක දුම්වැටි සම ඟ මත්පැන් තොගයක් අල්ලයි

වරායෙන් පැන්නූ බව කියන කෝටියක දුම්වැටි සම ඟ මත්පැන් තොගයක් අල්ලයි

0

තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශීය මත්පැන් බෝතල් 210ක් සහ දුම්වැටි 50,000ක් සමඟ ව්‍යාපාරිකයකු පිටකොටුව පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිටකොටුව පොලිස් වසමේ 03වන හරස් පාරේ සිදුකරනු ලැබූ වැටලීමකදී මෙම මත්පැන් සහ දුම්වැටි තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පිටකොටුව පොලීසිය සඳහන් කරයි. මෙම මත්පැන් සහ දුම්වැටි කොළඹ වරායෙන් පන්නා ඇති බවට සැකයක් පොලීසියට ඇතිවී තිබේ.

අත්අඩංගුවටගත් සැකකරු අවුරුදු 54ක් වයසැති කොළඹ 10 රජ පොකුණ පාරේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here