Home උණුසුම් පුවත් සජබ අපේක්ෂකයකුට මිරිස් කුඩු ප්‍රහාරයක්

සජබ අපේක්ෂකයකුට මිරිස් කුඩු ප්‍රහාරයක්

0
සජබ අපේක්ෂකයකුට මිරිස් කුඩු ප්‍රහාරයක්

ඡන්ද ප්‍රචාරක රැස්වීමක් ඇමතීම සඳහා ගමන්කරමින් සිටි සමගි ජනබලවේගයේ මොණරාගල දිස්ත්‍රීක් අපේක්ෂක නීතීඥ ඉන්දික විජයබණ්ඩාර අත්තනායක මහතාට මිරිස් කුඩු ප්‍රහාරයක් ඊයේ රාත්‍රී කාලයේදී එල්ලවී තිබේ.

දඹගල්ල බුසලේ කන්ද ප්‍රදේශයේ දී මාර්ග බාධක ගැට්ටක් අසලදී ඔහු ගමන්කරමින් තිබුණු ජිප් රථයේ වේගය අඩුවනවාත් සමඟ මග රැදී සිටි පුද්ගලයකු විසින් මිරිස්කුඩු ප්‍රහාරය එල්ලකර පොල්ලකින් පහරදී ඇතැයි දඹගල්ල පොලීසිය සඳහන් කළේය.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඒ මහතාත් රියදුරුත් ප්‍රතිකාර සඳහා මොණරාගල සිරිගල රෝහලට ඇතුලත්ව සිටිති.

මෙම ප්‍රහාරය එල්ලකරනු ලැබුවේ කවුරුන්දැයි අනාවරණය වී නැති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවත් පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here