Home උණුසුම් පුවත් රාජ්‍ය නිලධාරීන් රැසක් අල්ලස් ගත්ත හැටි හෙළිවෙයි

රාජ්‍ය නිලධාරීන් රැසක් අල්ලස් ගත්ත හැටි හෙළිවෙයි

1
රාජ්‍ය නිලධාරීන් රැසක් අල්ලස් ගත්ත හැටි හෙළිවෙයි
Businessman giving money in the envelope to his partner in the dark - bribery and venality concept

අල්ලස් ලබාගැනීම් සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන 22ක රාජ්‍ය නිලධාරීන් පසුගිය වසරේදී අල්ලස් කොමිෂන් සභාවට කොටුවී තිබේ.

පොලිස් දෙපාර්තමේන්තුව, අධ්‍යාපන අමාත්‍යාංශය, පාරිභෝගික සේවා කටයුතු අධිකාරිය, පළාත් පාලන කොමසාරිස් කාර්යාලය, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය, ඉඩම් කොමසාරිස් කාර්යාලය, ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය, අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය, නගර සභා, ප්‍රාදේශීය සභා, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය අමාත්‍යාංශය, නැගෙනහිර පළාත් මගී ප්‍රවාහන අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආගමන විගමන දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, සමෘද්ධි අධිකාරිය, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, අධිකරණ සේවා කොමිෂන් සභාව , මධ්‍යම පරිසර අධිකාරිය යන රාජ්‍ය ආගතන වල නිලධාරීන් අල්ලස් ලබාගැනීම්වලදී පසුගිය වසරේදී කොටුවී ඇත.

මෙම කාලය තුළ වැටලීම් සඳහා පැමිණිලි 73ක් ලැබී ඇති අතර එයින් සාර්ථක වූ වැටලීම් ගණන 43කි. එසේම වැටලීම් 04ක් කල් දමා ඇත. සාර්ථක වූ වැටලීම්වලින් අත්අඩංගුවට ගෙන ඇති ගණණ 57කි. අල්ලස් ලබාගන්නා අවස්ථාවේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවටගත් අය අතර වැඩිපුරම සිටින්නේ පොලිස් නිලධාරීන්ය. එම ගණන 16කි. පොලිස් පරීක්ෂකවරු 02ක්, උප පොලිස් පරීක්ෂකවරු 02ක්, පොලිස් සැරයන්වරු 07 ක්, පොලිස් කොස්තාපල්වරු 05ක් වශයෙන් අත්අඩංගුවට පත්ව ඇත.

මේ හැරුණු කොට ප්‍රදේශීය සභාවක හිටපු සභාපතිවරයෙක්, විදුහල්පතිවරයෙක්, පාරිභෝගික සේවා කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරියෙක්, ප්‍රාදේශීය සභාවක ලේකම්වරයෙක්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයෙක් , භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ කැණීම් ඉංජිනේරුවරයෙක්, ක්වාසි විනිසුරුවරයෙක්, ග්‍රාම නිලධාරීයෙක් ඇතුළු 57 දෙනෙක් අත්අඩංගුවට ගත් අය අතර සිටිති.

පොලීසියට පසු වැඩියෙන්ම අල්ලස් ගැනීම්වලදී කොටුවී ඇත්තේ ආගමන විගමන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වැටලීම් වලදීය. එම ගණන 05කි. එයින් තිදෙනෙක්ම සිවිල් පුද්ගලයන්ය. ඊට පසු වැඩියෙන්ම අල්ලස් ගැනීම් සම්බන්ධයෙන් අත්අඩංගුවටපත්ව ඇත්තේ ශ්‍රී ලංගමයේ අයයි. එම ගණන 04කි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here