Home දේශීය පුවත් උණුසුම් පුවත් පාසල් ළමුන් ප්‍රවාහනය කරන පිරිස් කබලෙනුත් ලිපට

පාසල් ළමුන් ප්‍රවාහනය කරන පිරිස් කබලෙනුත් ලිපට

පාසල් ළමුන් ප්‍රවාහනය කරන පිරිස් කබලෙනුත් ලිපට

අංජනා මල්ලවආරච්චි

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් සිටි පිරිස්වලට මාස ගණනාවක සිට කිසිදු ආදායමක් නොමැති හෙයින් ඔවුන් කබලෙන් ළිපට වැටී ඇතැයි සමස්ත ලංකා පාසල් ප්‍රවාහන සංගමය සඳහන් කරයි.

මේ වන විට කිසිදු ආදායමක් නොමැතිව මාස ගණනාවක් තිස්සේ බස් රථ ගාල් කර ඇති අතර ඒවායේ නිසි නඩත්තුවක් නැති නිසා කාර්මික දෝෂ වලට පවා ලක්ව ඇතැයි ද සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන කිරිමේ සංගමය සභාපති එල්.මල්ශ්‍රී ද සිල්වා මහතා පැවසීය.

කොවිඩ් හේතුවෙන් ජීවනෝපාය අහිමි වූවන්ට රජය ලබාදෙන රුපියල් පන්දහසේ දීමනාවද නොලැබුණු බව බවද ඔහු කීය.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් හිමියන් ලබා ගෙන ඇති ණය වාරික ගෙවීමටත්, ෆිනෑන්ස් සමාගම්වලට ගෙවිය යුතු මාසික වාරික ගෙවීමටත් අඩුම තරමින් මාස 6ක පමණ තවත් සහන කාලයක් ලබාදිය යුතු බවට සභාපතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here