Home උණුසුම් පුවත් සජබ අපේක්ෂකයා හෝටලයක් ළඟ කැබ් රියක් අතැර ගිහින්

සජබ අපේක්ෂකයා හෝටලයක් ළඟ කැබ් රියක් අතැර ගිහින්

0
සජබ අපේක්ෂකයා හෝටලයක් ළඟ කැබ් රියක් අතැර ගිහින්

දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රීක් අපේක්ෂක චතුර ගලප්පත්ති මහතා විසින් රියදුරෙකු සමඟ පැමිණ මාතර පඹුරන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් පිටුපස කැබ් රථයක් අතහැර දමා ගොස් ඇතැයි මාතර පොලීසිය සඳහන් කරයි.

ටොයොටා හයිලැක්ස් වර්ගයේ මෙම කැබ් රථය දින 15කට පමණ පෙර චතුර ගලප්පත්ති මහතා රියදුරෙකු සමඟ පැමිණ එම ස්ථානයේ නවතා ගිය බව සංචාරක නිකේතනයේ ප්‍රධානියෙක් පොලීසියට පවසා ඇත.

මේ සම්බන්ධයෙන් චතුර ගලප්පත්ති මහතාගෙන් ප්‍රශ්න කිරීමට පොලීසිය නියමිතව තිබුණු අතර වාහනයේ චැසි අංක, එංජින් අංක හා ලියාපදිංචි තොරතුරු පරීක්ෂා කෙරන බව පොලීසිය කියයි.

චතුර ගලප්පත්ති මහතා එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර හිටපු ආසන සංවිධායකවරයාද වන අතර ඔහුගේ පියා එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කල ජස්ටින් ගලප්පත්ති මහතාය.

Photo -File Photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here