Home උණුසුම් පුවත් දිවුල් ඇහිදින්න විදුලි වැටෙන් රිංගන්න ගිය දරුවා මරුට

දිවුල් ඇහිදින්න විදුලි වැටෙන් රිංගන්න ගිය දරුවා මරුට

0
දිවුල් ඇහිදින්න විදුලි වැටෙන් රිංගන්න ගිය දරුවා මරුට

නිවස සහ ගෙවත්ත වන අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට සකස්කර ඇති විදුලි වැටෙන් රිංගා දිවුල් ඇහිදීමට ගිය නාමිනිගම පදිංචිව සිටි 07 හැවිරිදි දරුවෙක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි මාතලේ විල්ගමුව පොලීසිය සඳහන් කරයි.

මෙසේ අවාසනාවන්ත ලෙස විදුලි සැර වැදීමකින් මියගොස් ඇත්තේ මනුක දෙනුවන් දිසානායක නැමැති දරුවාය.

මෙම විදුලි වැට ගෙවත්ත වටා ඉදිකර ඇති අතර දෛනිකව සවස 6.00ට විදුලි සම්බන්ධතාවය වැටට ලබාදී උදෑසන 6.00ට විසන්ධි කිරීමට දරුවාගේ දෙමාපියන් පියවර ගන්නා බව පොලීසිය කියයි.

ඊයේ (27) උදෑසන දරුවාගේ දෙමාපියන්ට විදුලිය විසන්ධි කිරීමට අමතක වී ඇති බැවින් ඒ බව නොදැන දිවුල් ඇහිලීමට වැටෙන් රිංගා ගමන් කිරීමට සූදානම් වූ විට විදුලි සැර වැදී ඇති බව විමර්ශන වලින් අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here