Home උණුසුම් පුවත් බිත්තර මිල ගැන ගත් තීන්දුව

බිත්තර මිල ගැන ගත් තීන්දුව

බිත්තර මිල ගැන ගත් තීන්දුව

බිත්තරයක සිල්ලර මිල රුපියල් 41 ට අඩුවෙන් අලෙවි කිරීමට හැකි වන පරිදි වෙළඳපොළට බිත්තර නිකුත් කිරිමට හැකි බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ ඒ සඳහා බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් එකඟතාවය පළකළ බව ය.

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශයේ ලේකම් එම්.එම්. නයිමුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් බිත්තර නිෂ්පාදනය කරන සංගම් නියෝජිතයන් සමඟ වෙළඳ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here