තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුත්තලමේ ගංවතුරට කොටු වූ 29 දෙනක් මුදාගැනෙති

    පුත්තලමේ ගංවතුරට කොටු වූ 29 දෙනක් මුදාගැනෙති

    පුත්තලම් දිස්ත්‍රික්කයේ ගං වතුරට කොටු වි අවධානම් තත්ත්වයේ සිටි කුඩා ළමුන් කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 29 දෙනෙක් මුදා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම්වලට හැකිවී තිබේ.

    ඒ අනුව පුත්තලම් දිස්ත්‍රික්කයේ කීරීයංකල්ලි, පුලිච්චිකුලම් සහ බත්තුලුඔය යන ප්‍රදේශ වල පැවති අධික වර්ෂාව හේතුවෙන් ගං වතුරට කොටු වි ජීවිත අවධානමට මුහුණ දී සිටි පවුල් 10කට අයත් එම කුඩා ළමුන්, කාන්තාවන් ඇතුළු පුද්ගලයන් 29 දෙනා නාවික හමුදා සහන කණ්ඩායම් විසින් කඩිනමින් මුදා ගැනීමෙන් පසු ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසීමට කටයුතු කෙරිණි.

    මේ වන විට ගං වතුර අවධානම පැනනැගි ඇති බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් ආවරණය වන පරිදි නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර හා ගලවා ගැනීම් ඒකකයට අයත් කණ්ඩායම් ඇතුළු නාවික හමුදා සහන කණ්ඩායම් 16ක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කර ඇත.

    ගං වතුර තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සදහා බස්නාහිර පළාතේ ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කය තුල ගම්පහ, ජා ඇල, රාගම, බුලත්සිංහල, පරගොඩ යන ප්‍රදේශ වල නාවික හමුදාව විසින් සහන කණ්ඩායම් යොදවා ඇත.

    එමෙන්ම දකුණු පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්ට අයත් තවලම, හිනිදුම, නාගොඩ, ඒප්පල, ඇතිමලේ සහ අතුරලිය යන ප්‍රදේශ වල ද නාවික හමුදාව විසින් සහන කණ්ඩායම් යොදවා තිබේ.

    වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ කිරියංකල්ලි, පුලිච්චිකුලම් සහ බත්තුලුඔය යන ප්‍රදේශ ද, සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත සහ කලවාන ප්‍රදේශද ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් යෙදූ සහන කණ්ඩායම් ක්‍රියාත්මක ය.

    ඊයේ දිනයේදී ද පුද්ගලයන් 66 දෙනකු නාවික හමුදාව විසින් මුදාගැනුණි.

    ඊයේ දිනය තුළ ද රටේ විවිධ ආපදාවට පත් ප්‍රදේශවල නාවික හමුදා සහන කණ්ඩායම් 44ක් ක්‍රියාත්මක විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img