Home උණුසුම් පුවත් “හිටියා ඇති” කියා ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම් වෙඩි තබාගෙන

“හිටියා ඇති” කියා ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම් වෙඩි තබාගෙන

0
“හිටියා ඇති” කියා ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම් වෙඩි තබාගෙන

“ජීවත්වෙලා හිටියා ඇති” යැයි සඳහන් කරමින් ලිපියක් ලියා තබා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම් සංජීව බස්නායක මහතා අද දහවල් හිසට වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇත.

රත්වත්තේ පවුලට අයත් මහයියාවේ පිහිටි වලව්වට යාබදව ඇති කාර්යාලය තුළදී මෙසේ ඔහු සියදිවි හානිකරගෙන තිබෙන බව පොලීසිය කියයි.

ලේකම්වරයාට අයත් බලපත්‍ර සහිත චීනයේ නිෂ්පාදිත මිලි මීටර් 09 වර්ගයේ පිස්තොල ගිනි අවියකින් ඔහු වෙඩි තබාගෙන ඇත. වෙඩි තබාගත් ස්ථානයේ බිම වැටී තිබී එම ගිනි අවියද පොලීසිය විසින් සොයාගෙන තිබේ. එහි බලපත්‍රයද මෙම වසරට අදාලව අලුත්කර තිබී ඇත.

තමා යම් රෝගී තත්ත්වයකින් පීඩා විදින බවත් ප්‍රතිකාර ලැබුවත් ඉන් සුවයක් නොමැති බැවින් විශාල මානසික පීඩනයකින් සිටින බැවින් මෙම අපරාධය කරගන්නා බව ඔහු ලිපියේ ලියා ඇති බව සඳහන්ය.

“මෙහෙම තවත් ජීවත්වෙලා වැඩක් නෑ” යනුවෙන් සඳහන් කර ඇති ඔහු ඉක්මනින් අවසන් කටයුතු කරන ලෙස ඉල්ලීමක්ද එම ලිපියෙන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here