Home උණුසුම් පුවත් මනුෂ බලපිටියේදී වැරැද්ද පිළිගනියි

මනුෂ බලපිටියේදී වැරැද්ද පිළිගනියි

0
මනුෂ බලපිටියේදී වැරැද්ද පිළිගනියි

විදේශ රැකියා දහදාහක් දෙනවිට ඉන් දෙදාහක් ගාල්ලට වෙන්කරමින් ගාල්ලෙ තරුණ තරුණියන්ට විශේෂත්වයක් කළ බව ගාල්ල බලපිටියේ අද (18) පැවති රැස්වීමක් අතරවාරයේ හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.

මනුෂ නානායක්කාර මහතා එහි කළ කතාවේ කොටසක් මේ වනවිට ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත.

පහුගිය කාලේ විදේශ රැකියා ගැන කතාකරනවිට නොයෙක් නොයෙක් චෝදනා කරන්න පටන් ගත්තා. රටවල්වලට යනකොට සල්ලි ගන්නවා කියලා අරවා මේවා කිවුවා. අපි දැන් කියනවා ප්‍රසිද්ධියේ බලපිටියට අපි රස්සාවල් දීලා තියෙනවා ද? කවුරුහරි සල්ලි ගත්තද ? ( විදෙස්ගත වූ පුතෙකුගේ දෙමාපියකුගෙන් අසයි. නෑ යැයි පිළිතුරු දෙයි)

තවත් කිහිපදෙනෙකුගෙන් මනුෂ නානායක්කාර මහතා මෙහිදි රට යනවිට තම පුතා වෙනුවෙන් මුදල් ගත්ත ද ? විමසයි. ඔවුන් නැහැ යැයි කියයි.

රජයේ සල්ලි විතරක් දීලා ගිහිල්ලා තියෙනවා. ඒකත් අපි බැංකු ණ්‍යක් විදියට දීලා තියෙනවා. හැබැයි චෝදනා කරනවා. හැබැයි එකක් තියෙනවා වැඩියෙන් යැවුවේ ගාල්ලෙන් තමයි. ගාල්ල දිස්ත්‍රික්කයෙන් තමයි වැඩියෙන් යැවුවේ. හැබැයි ගාල්ලෙ දිස්ත්‍රික්කයෙන් යැවුවේ නැත්නම් මම ගාල්ලෙ මන්ත්‍රිවරයා වෙලා වැඩක් තියෙනවාද ? දහදාහක් රට යවලා තියෙනවා නම් එතකොට දෙදාහක් ගාල්ලෙන් ගිහිං තියෙනවා. කමක් නෑ. ගාල්ලෙ මිනිස්සුනේ මට ඡන්දෙ දුන්නෙ. ඡන්දෙ දිපු මිනිස්සුන්ට වැඩ කරන්නෙ නැත්නම් මම මොකටද මන්ත්‍රිවෙලා ඉඳලා. හරි වැඩක්නේ. එහෙම රස්සා දෙන්න ඔ්න යැයි හෙතම කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here