Home උණුසුම් පුවත් දැදුරු ඔය වාන් දමයි – දෙපස ජනතාවට අනතුරු ඇගවීමක්

දැදුරු ඔය වාන් දමයි – දෙපස ජනතාවට අනතුරු ඇගවීමක්

දැදුරු ඔය වාන් දමයි – දෙපස ජනතාවට අනතුරු ඇගවීමක්

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 5 අඩ් 3 බැගින් තත්පරයට ඝන අඩ් 10,500 ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතී.

දැදුරුඔය දෙපස ජීවත්වන ජනතාව මෙම අවදානම් තත්වය පිළිබද අවධානය යොමු කරන ලෙස ආපදා කළ මධ්‍යස්ථානය දන්වා සිටී.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් අද (6) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේනතුව සඳහන් කරයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක.

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාලගුණ විද්‍යාඥයෝ ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here