Home දේශීය පුවත් දෙවැනි තරගයේ ජය ලංකාවට

දෙවැනි තරගයේ ජය ලංකාවට

0
දෙවැනි තරගයේ ජය ලංකාවට

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන් සමඟ පැවැති දෙවැනි තරගය ලකුණු 73කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1ලෙස සම දෙපිළටම විවෘත කර ගැනීමට අද (15) සමත් විය.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5කට ලකුණු 162ක් ලබා ගත්තේය. පන්දු හතළිස් නවයකදී ලකුණු 54ක් ලබාගත් පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළේය.

ලකුණු 163ක් හඹාගිය කොදෙව් කණ්ඩායම ලකුණු 89කට සීමා කිරීමට දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. දුනිත් ලකුණු 9කට කඩුලු 3ක් බිඳ දැමුවේය.

තරගයේ වීරයා සම්මානය පැතුම් නිශ්ශංකට හිමිවිය. තුන්වැනි හා අවසන් විස්සයි 20 තරගය අනිද්දා (17) සවස දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව 162/5 (20)

බ.කොදෙව් 89 (16.1)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here