Home උණුසුම් පුවත් තංගල්ල හිටපු උප සභාපතිගේ හොර ජිප් එකක් සොයාගනී

තංගල්ල හිටපු උප සභාපතිගේ හොර ජිප් එකක් සොයාගනී

0
තංගල්ල හිටපු උප සභාපතිගේ හොර ජිප් එකක් සොයාගනී
file photo

තංගල්ල ප්‍රාදේශීය සභිවේ හිටපු උප සභාපති අමිල අබේසේකර මහතාට අයත් බව කියන චැසි අංක හා එංජින් අංක මකා දැමූ ව්‍යාජ අංක තහඩු සහිත පැජරෝ වර්ගයේ ජිප් රථයක් තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

තංගල්ල පුවක්දණ්ඩාව ප්‍රදේශයේ වීරසිංහ පාරේ පිහිටි නිවසක ගරාජයකින් මෙම ජිප් රථය පසුගිය 11 වෙනිදා සොයාගත් බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

මෙම ජිප් රථය සොරකම් කර ඇති එකක්ද එසේත් නැති නම් එකලස්කර ඇති එකක්දැයි සොයා විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි.

ජිප් රථයේ සවිකර තිබුණු අංක තහඩුව ගම්පොල පැත්තේ ඇති මෝටර් රථයක අංකයක් බවද විමර්ශනයේදී තහවුරු වී ඇත.

මෙම රථය මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇත්තේ දින පහකට පමණ පෙර බවත් වසරකට වැඩි කාලයක් තිස්සේ රථය පදවා ඇත්තේ තංගල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා විසින් බවට තොරතුරු ඇති බවත් පොලීසිය කියයි. ඔහු තංගල්ල පොලොන්මාරුවේ පදිංචිකරුවෙකි.

Photo -File Photo

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here