Home උණුසුම් පුවත් පෝස්ටර් තොගයක් එක්ක අපේක්ෂකයෙක් ඇතුළු 05ක් අල්ලයි

පෝස්ටර් තොගයක් එක්ක අපේක්ෂකයෙක් ඇතුළු 05ක් අල්ලයි

0
පෝස්ටර් තොගයක් එක්ක අපේක්ෂකයෙක් ඇතුළු 05ක් අල්ලයි

නීති විරෝධී ලෙස මැතිවරණ පෝස්ටර් අලවමින් සිටි සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ වන්නි දිස්ත්‍රික් කණ්ඩායම් නායන එස්ත තවබාලසිංහම් ඇතුළු පස් දෙනෙක් වෑන් රථයක් සහ පෝස්ටර් තොගයක් සමඟ පුලියන්කුලම පොලීසියේ නිලධාරීණ් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

රාත්‍රී ජංගම රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීණ් පිරිසක් විසින් අත්අඩංගුවටගත් එස්. තවබාලසිංහම් මහතා සහ ඔහුගේ ආධාරකරුවන් ඊයේ (12) වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තරයේ අවවාද කරමින් එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇපමත මුදාහැර ලබන 23 වෙනිදා නැවත විභාග කිරීමට දින නියම වී තිබේ.

වෑන් රථය පොලිස් භාරයේ ඇති අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාදෙන නියෝග අනුව ක්‍රියාත්මක වන බව පොලීසිය කියයි.

සමස්ත ලංකා ද්‍රවධ කොංග්‍රසයට අදාල මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 459ක් , පාප් බාල්දි, පිංසල් ද වෑන් රථයේ තිබී ඇත.

පුලියන්කුලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක ගුණසේකර මහතාගේ මෙහෙයැවීමෙන් පොලිස් සැරයන්වරුන් වන රණසිංහ (34897), දිසානායක (39558), කොස්තාපල් ගජරූබන් (6203) සහ කොස්තාපල් රියදුරු චාමර (18820) යන නිලධාරීණ් මෙම වැටලීම කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here