Home උණුසුම් පුවත් මෛත්‍රීගේ පුතා දිලිත් සමඟ එක්වෙයි -පොහොට්ටු හිටපු මන්ත්‍රීවරියකුත් ඇවිත්

මෛත්‍රීගේ පුතා දිලිත් සමඟ එක්වෙයි -පොහොට්ටු හිටපු මන්ත්‍රීවරියකුත් ඇවිත්

මෛත්‍රීගේ පුතා දිලිත් සමඟ එක්වෙයි -පොහොට්ටු හිටපු මන්ත්‍රීවරියකුත් ඇවිත්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා, ප්‍රසිද්ධ ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂය සමග අද(03) එක්ව තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් ජාතික ලැයිස්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රාජිකා වික්‍රමසිංහ මහත්මිය ද මව්බිම ජනතා පක්ෂය සමග එක්වූවා ය.

කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව දහම් සිරිසේන මහතා පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස ද පත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here